ප්‍රධාන පක්ෂ අද සිට ඡන්දයට නම් දෙයි

ප්‍රධාන පක්ෂ අද සිට ඡන්දයට නම් දෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන නාමයෝජනා භාරදීම අද (09) සිට ආරම්භ කර තිබෙනවා.

මේ වන විට බොහෝ පක්ෂවල අපේක්ෂකයින් තේරීමේ කටයුතු අවසන් කරමින් නාමයෝජනා පත්‍ර අත්සන් කිරීම් සිදුවන බව සඳහන්.

ජාතික ජන බලවේගය පක්ෂය මේ වන විට අපේක්ෂකයින් තෝරා අවසන්ව ඇති අතර අද (09) පෙරවරු 10 සිට පැලවත්ත ජවිපෙ මූලස්ථානයේදී නාමයෝජනා පත්‍රවලට අත්සන් කිරීම සිදුවන බවයි වාර්තා වන්නේ.

Share This