ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම අද LPL තරඟ බිමට

ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම අද LPL තරඟ බිමට

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ හත්වන තරගය අද (09) පස්වරු 03.00ට ආරම්භ වනවා.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී එම තරග පැවැත්වෙන අතර එහිදී තෙවරක් කිරුළ දිනූ ප්‍රබල Lyca’s Jaffna Kings සහ Kandy Falcons කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය අද පස්වරු 3ට ආරම්භ වනවා.

අද පැවැත්වෙන අටවන තරගය Dambulla Sixers සහ Galle Marvels කණ්ඩායම් අතර අද රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ද ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා

Share This