
ප්‍රබල දේශපාලන හිතවතෙක් ගේ සමීපතමයෙක් එක්ක හොරට ලියාපදිචි කළ ජීප් රථ දෙකක් මහනුවරින් අල්ලයි
විදෙස් රටකින් නීතී විරෝධිව ආනයනය කරන ලද ජීප් රථ දෙකක දත්ත ව්‍යාජව වෙනස් කිරීම නිසා ,එම ජීප් රථ දෙක සහ එම ජාවාරමට සම්බන්ධ බවට සැකපිට ,වත්තේගම නගර සභාවේ හිටපු සභාපතිවරයෙකු සහ තවත් සැකකරුවෙක් විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙම සැකකරුවන් නීතීවිරෝධී දත්ත සකසා ජීප් රථ දෙක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇති බවයි.
අත් අඩංගුවට පත් එක් සැකකරුවෙක් මහනුවර ප්‍රදේශයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙකුගේ සමීපතම හිතවතෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.