ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුවූ සුපිරි කාර් රථයේ දැන් අයිතිය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියකට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සතුවූ සුපිරි කාර් රථයේ දැන් අයිතිය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිණියකට

ගුවන් තැපැල් පාර්සල් මඟින් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය මඟින් අත්අඩංගුවට ගැනීමට සිටි සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරක් මත මත්ද්‍රව්‍ය කාර්‍යංශයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් නාරාහේන්පිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වසර මුලදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 05 ක් හා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් ගුවන් තැපැල් පාර්සල් මඟින් මෙරටට ගෙන්වීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිසිය මග හරිමින් කාලයක් තිස්සේ සැගවී සිටියදී සැකකරු මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මරදාන ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ වාහන අමතර කොටස් ගෙන්වන ආයතනයක හිමි කරුවකු බවයි වාර්තා වන්නේ.

සැකකරු නාවල කොස්වත්ත ප්‍රදේශයේ සුපිරි නිවසක කුලී පදනම මත පදිංචිව සිටියදී මෙම වසර මුලදී මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී සැකකරු පොලිස් විමර්ශනවලින් මගහැර සිටීම සඳහා නාවල පාසල් මාවතට ආසන්න ප්‍රදේශයේ සුපිරි නිවසකට පදිංචිය මාරු කර ඇති බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී අත්අඩංගුවට පසුවන අවස්ථාවේ සැකකරු භාවිතා කල BMW වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයේ මේ වනවිට ලියාපදිංචි හිමිකරුවෙකු ලෙස ජනප්‍රිය නිරූපණ ශිල්පිණියකගේ නම ලියාපදිංචි වී ඇති බැවින් ඒ සම්බන්ධවද වැඩිදුර විමර්ශන සිදුකරනු ඇති බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය ප්‍රකාශ කර සිටියේ.

Share This