ප්‍රමාද වූ ගාසා පෝලියෝ එන්නත්කරණය යළි ඇරඹේ

ප්‍රමාද වූ ගාසා පෝලියෝ එන්නත්කරණය යළි ඇරඹේ

ප්‍රමාද වූ ගාසා පෝලියෝ එන්නත්කරණය නැවත ආරම්භ කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගාසා තීරයේ ප්‍රමාද වූ පෝලියෝ එන්නත් කිරීමේ ව්‍යාපාරයේ තුන්වන අදියර අද ආරම්භ වන බවයි

මෙම එන්නත්කරණ ව්‍යාපාරයේ අවසන් අදියරේ අරමුණ වූයේ උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 10ට අඩු ළමුන් 119,000ක් වෙත පෝලියෝ එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමයි.

කෙසේ වෙතත්, ගසාහි ඇතැම් ප්‍රදේශවලට පනවා ඇති ප්‍රවේශ සීමාවන් හේතුවෙන් මෙම ඉලක්කය සපුරා ගැනීම කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්

Share This