ප්රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්රහස්පතින්දා
අභාවප්රාප්ත ප්රවීණ රංගධර සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්රහස්පතින්දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව එදින පස්වරු 5ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සුමින්ද සිරිසේන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.
ඒ මහතාගේ දේහය මේ වන විට කොළඹ ඩී.එස්. සේනානායක මාවතේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
කලාකරුවන්, හිතවතුන් ඇතුළු බොහෝ පිරිසක් එතුමාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මේ වනවිට පැමිණෙමින් සිටින බවයි වාර්තා වන්නේ.
ප්රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා ඊයේ (04) උදෑසන ගම්පහ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටිය දී අභාවප්රාප්ත වුණා.
මියයන විට ඒ මහතා 75 වන වියෙහි පසුවුණා.