ප්‍රසිද්ධ ජපන් රුපවාහිනී නිවේදකයෙක් වූ Ryuchell මියයයි

ප්‍රසිද්ධ ජපන් රුපවාහිනී නිවේදකයෙක් වූ Ryuchell මියයයි

ජපන් රූපවාහිනී නිවේදකයෙක් වන Ryuchell ටෝකියෝහි නියෝජිතායතන කාර්යාලය තුළ මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

27 හැවිරිදි Ryuchell මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර සියදිවි නසා ගත්තේ දැයි පොලිසිය විමර්ශනය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Ryuchell 2016 දී Peco නම් නිරූපිකාවක් සමඟ විවාහ වූ අතර මෙම යුවළට පුතෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2022 අගෝස්තු මාසයේදී, Ryuchell ඔහු තවදුරටත් පිරිමියෙකු නොවන බව නිවේදනය කිරීමෙන් පසු මෙම යුවළ දික්කසාද වූ අතර අන්තර්ජාලය හරහා ඔහුට බොහෝ විවේචන එල්ල වී තිබෙනවා.

ඔහු තවමත් Peco සහ ඔවුන්ගේ පුතා සමග ජීවත් වන බව Instagramහි සටහනක් තබමින් Ryuchell පවසා ඇති බව සඳහන්.

මෑතකදී Ryuchell ඔහුගේ බිරිය වූ Peco සමග යූ ටියුබ් වීඩියෝවක පෙනී සිටි අතර, Peco පැවසුවේ Ryuchell ලිංගිකත්වය වෙනස් කරන විට ඇය ඔහුට සහය වූ බවයි.

Ryuchell ජපානයේ බලගතු සංක්‍රාන්තික ලිංගික චරිතයක් බවට පත් වූ අතර ඔහු ලිංග භේදයකින් තොරව ඇඳුම් ඇඳීම සඳහා වඩාත් ප්‍රසිද්ධියට පත් වී සිටියා.

කෙසේ වෙතත් Ryuchell ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ කිසිවෙක් අදහස් පළ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This