ප්‍රාණ ඇපකරුවන් ගාසා රෝහලට රැගෙන ගිය බව දැක්වෙන CCTV දර්ශන ඊශ්‍රායලය නිකුත් කරයි (VIDEO)

ප්‍රාණ ඇපකරුවන් ගාසා රෝහලට රැගෙන ගිය බව දැක්වෙන CCTV දර්ශන ඊශ්‍රායලය නිකුත් කරයි (VIDEO)

ඔක්තෝම්බර් 7 දා එල්ලවූ හමාස් ප්‍රහාරයෙන් පසු ගාසා තීරයේ විශාලතම රෝහලට ප්‍රාණ ඇපකරුවන් රැගෙන යන අයුරු දැක්වෙන දර්ශන ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

වැඩිදුරටත් හමුදා ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ ඔවුන්ගෙන් එක් අයෙකු සෙබළෙකු එහිදී ඝාතනය කර ඇති බවයි.

19 හැවිරිදි Cpl Noa Marciano සුළු තුවාල සහිතව අල්-ෂිෆා රෝහලට ගෙන යාමෙන් පසුව මිය ගිය බවද ඔහු සඳහන් කර තිබෙනවා .

මේ අතර ඊශ්‍රායලය කියා සිටියේ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් යැයි තමන් පවසන ස්ථානයේ උමං මාර්ගයක් සොයාගත් බවයි.

කෙසේවෙතත් හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කර ඇති බවයි පැවසෙන්නේ

හමාස් සංවිධානය ඔක්තෝම්බර් 7 දා දකුණු ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කිරීමෙන් ඊශ්‍රායල ජාතිකයින් 1,200 ක් මිය ගොස් 240 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගැනුණා

 

Share This