ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුගේ සිරුරු ගොඩ ගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි

ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුගේ සිරුරු ගොඩ ගත් බව ඊශ්‍රායල හමුදාව පවසයි

ඊශ්‍රායල හමුදා විසින් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇති බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසනවා.

මියගිය තිදෙනාගේ සිරුරු ගාසා තීරයට ගෙන යාමට පෙර දකුණු ඊශ්‍රායලයේ නෝවා උත්සව සමූලඝාතනය සිදුවූ ස්ථානයට ආසන්න මංසන්ධියක දී ඝාතනය කර ඇති බව සඳහන්.

හමාස් උමං මාර්ගයක තිබී මළ සිරුරු සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

හමාස් තුවක්කුකරුවන් ඊශ්‍රායලයට කඩා වැදීමෙන් පුද්ගලයන් 1200ක් පමණ මිය ගොස් තිබෙනවා.

හදවත කම්පා කරවන පුවතක් ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ප්‍රවෘත්තිය හඳුන්වා තිබෙනවා.

Share This