ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට විදුලිය, ජලය හෝ ඉන්ධන නැහැ – ඊශ්‍රායලය

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට විදුලිය, ජලය හෝ ඉන්ධන නැහැ – ඊශ්‍රායලය

ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට පහරදීම අවසන් නොකරන බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය Israel Katz පවසනවා.

එමෙන්ම ගාසා තීරයට විදුලිය, ජලය හෝ ඉන්ධන නොලැබෙන බවද ඔහු පවසා තිබෙනවා

පසුගිය සෙනසුරාදා එල්ල කළ හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ගාසා තීරයට සැපයුම් නතර කරනු ලැබුවා

මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලයට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

ඔහුගේ කෙටි සංචාරයේදී ඊශ්‍රායල නිලධාරීන් සහ පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් හමුවනු ඇති

එමෙන්ම බලය අහිමි වීමත් සමග ගාසා තීරයේ රෝහල් මෘත ශරීරාගාර බවට පත්වීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) අනතුරු අඟවා තිබෙනවා

Share This