ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීමට සූදානම් බව ඊශ්‍රායලය කියයි

ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීමට සූදානම් බව ඊශ්‍රායලය කියයි

දින හතරක සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන් පිළිගැනීමට සම්පූර්ණයෙන්ම සූදානම් බව ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන් මේ බව සඳහන් කර තිබුණේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට පැය කිහිපයක් පමණක් තිබියදීයි

එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් ඔවුන්ගේ පවුල්වලට භාර දීමට පෙර වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව ද ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වර්තා පැවසුවේ

ඔවුන් පිළිගැනීම සඳහා උණුසුම් ආහාර, බීම වර්ග, ළමුන් සඳහා සෙල්ලම් බඩු, ප්‍රාණ ඇපකරුවන් අසුන් ගැනීමට විශාල ප්‍රදේශයක් සහ හෙලිකොප්ටරයක් ද සූදානම් කර තිබූ බව සඳහන්

ඊශ්‍රායල නිලධාරීන් පවසන්නේ ඔක්තෝම්බර් 7 වැනිදා හමාස් සංවිධානය එරටට කඩා වැදුණු විට ප්‍රාණ ඇපකරුවන් 240ක් පමණ රැගෙන ගොස් 1200ක් පමණ ඝාතනය කළ බවයි

Share This