ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් ශ්‍රී පාදය වසා ගනියි (VIDEO)

ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් ශ්‍රී පාදය වසා ගනියි (VIDEO)

ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ වන්දනාකරුවන් බැහැර කර තිබූ ප්ලාස්ටික් වතුර බෝතල් ටොන් 03ක් පමණ එකතු කර ඇති බව මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් එස්.රාජවීරන් මහතා පවසනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ නල්ලතන්නිය සිට ශ්‍රී පාද උඩ මළුව දක්වා මාර්ගයේ තිබූ ප්ලාස්ටික් වතුර බෝතල් මෙලෙස එකතු කර ඇති බව සඳහන්.

වන්දනාකරුවන් රැගෙන යන ප්ලාස්ටික් වතුර බෝතල් බැහැර කිරීමට කසල බඳුන් සවිකර තිබුණත් බොහෝදෙනා සිය කැළි කසල පරිසරයට මුදාහරින බවයි මෙයින් පෙනී යන්නේ.

මෙම එකතු කළ ප්ලාස්ටික් වතුර බෝතල් නල්ලතන්නියේ කැළි කසල ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන විත් ඒවා පෞද්ගලික අංශය වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ලේකම් වැඩිදුරටත් කියා සිටියේ.

Share This