
පාකිස්තානය හමුවේ ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන බලාපොරොත්තු නීච වෙයි
ආසියානු කුසාලාන සිව් දෙනාගේ වටයේ ඊයේ ඩුබායි හිදී පැවති T20 තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය හමුවේ අන්ත පාරාජයක් ලැබුවා.
ඒ අනුව සිව් දෙනාගේ වටයේ මුහුණ දුන් තරග දෙකම පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තරගා වලියේ අවසන් තරගෙන් එළියට විසිවීමේ අවධානයකට මුහුණ දී සිටිනවා.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ඇරයුම් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුළු දෙක ලකුණු 18 ක් තුළ බිදවැටුණා.
ලකුණු 58 ට කඩුළු 5 ක් බොද වැටී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලැබුවේ කඩුළු 8 ට ලකුණු 133 ක් වෙනි ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක්.
කමිදු මෙන්ඩිස් පමණක් හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 50 ක් රැස්කළේ පන්දු 44 ක් තුලයි.
ශාහෙන් ෂා අෆ්‍රීඩි කඩුළු 3 ක් බොද දැමුවේ ලකුණු 28 කටයි.
හරිස් රවුෆ් සහ හුසේන් තලාත් කඩුළු 2 බැගින් ලබා ගත්තා.
පහසු ඉලක්කයක් හඹා යාමේ සැහැල්ලුවෙන් පිටියට පැමිණි පාකිස්තාන ආරම්භක පිතිකරු යුගල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 45 ක් රැස් කළා.
සහිබ්සාඩා ෆර්හාන් ලකුණු ලකුණු 24 ක් සහ ෆ්කාර් සමාන් ලකුණු 17 ක් රැස් කළා.
හුසෙයින් තලාත් නොදැවී ලකුණු 32 ක සහ මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 38 ක් රැස්කරමින් ලකුණු 138 ක් ලබා ජය තහවුරු කළේ 18 වැනි පන්දු වාරය තුලයි.
ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටින ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝ දුරට අවසන් තරගයට සුදුසුකම් නොලබා ආපසු පැමිණීමේ අවදාමකට මුහුණ දී සිටිනවා.
ඊයේ තරගයට කමිල් මිෂාර සහ දුනිත් වෙල්ලාලගේ වෙනුවට චාමික කරුණාරත්න හා මහේෂ් තීක්ෂණ කැදවා තිබුණ ද චාමික ගෙන් අපේක්ෂිත දක්ෂතාවන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රදානය කෙරුණේ නැහැ.