පාකිස්ථාන අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක- බහුතරය අහිමිවන ලකුණු
පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ඉල්ලා අස්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.
විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කරනු ඇති බවටත් අගමැතිවරයාට බහුතර බලය අහිමි වනු ඇති බවටත් එම වාර්තා මගින් සැක පල කර තිබෙනවා.
එහෙත් එරට තොරතුරු හා විකාශන අමාත්‍ය ෆවාඩ් හුසේන් පවසන්නේ “අගමැති ඉම්රාන් ඛාන් අවසන් පන්දුව දක්වා සටන් කරන ක්‍රීඩකයෙක්. ඔහු ඉල්ලා අස්වන්නේ නැහැ, ”යනුවෙනුයි
මේ අතර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් අද(30) එරට ජාතිය ඇමතීමට නියමිත බව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ෂෙයික් රෂීඩ් මාධ්‍ය වෙත පවසා තිබෙනවා