පාකිස්ථාන ජනතාව කුසගින්නෙන් බැට කයි

පාකිස්ථාන ජනතාව කුසගින්නෙන් බැට කයි

ගෝලීය කුසගිනි දර්ශකයෙහි නවතම වාර්තාවට අනුව පාකිස්ථානයේ කුසගින්න භයානක මට්ටමකට වැඩි වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට ජනතාවගේ ක්‍රය ශක්‍තිය අඛණ්ඩව පහත වැටීම මිනිසුන් සාගින්න කරා තල්ලු කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එහි ප්‍රතිඵලයක් ලෙස පාකිස්ථානය ගෝලීය කුසගිනි දර්ශකය තුළ දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් ගණයට ඇතුලත් කර ඇතැයි එම වාර්තාවල සඳහන්.

එම වාර්තා පෙන්වා දෙන්නේ රට තුළ පවතින අධි උද්ධමන තත්ත්වය හමුවේ පාකිස්ථානයේ පවුලකට ඔවුන්ගේ මාසික ආදායමෙන් සියයට 50.8 ක් පමණ ආහාර සඳහා වැය කිරීමට සිදුව ඇති බවයි.

එරට ජනතාවගෙන් සියයට 36.9 ක්ම ආහාර සුරක්ෂිතතාවේ ඌනතාවයෙන් පෙළෙන බව ද විදෙස් වාර්තා අනාවරණ කරනවා.

Share This