පාකිස්ථාන දුම්රිය පැහැරගැනීමේ ප්‍රාණ ඇපකරුවන් ක්වෙටාවලට

පාකිස්ථාන දුම්රිය පැහැරගැනීමේ ප්‍රාණ ඇපකරුවන් ක්වෙටාවලට

නිරිතදිග පාකිස්ථානයේ බෙදුම්වාදී සටන්කාමීන් විසින් පැහැර ගන්නා ලද දුම්රියකින් බේරාගත් පිරිස ක්වෙටා නගරයට වෙත පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

ආරක්ෂක හමුදා විසින් ප්‍රහාරකයින් 33 දෙනෙකු එහිදී මිය ගොස් ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ

ඛනිජ වලින් පොහොසත් බලුකිස්තාන් පළාතේ අගනුවර වන ක්වෙටා සිට කයිබර් පක්තුන්ක්වා පළාතේ පෙෂාවර් වෙත ගමන් කරමින් සිටියදී සටන්කාමීන් දුම්රිය මාර්ග පුපුරුවා හැර ජෆාර් එක්ස්ප්‍රස් වෙත වෙඩි තැබූ අතර, එහි සිටි 440 දෙනාගෙන් කිහිප දෙනෙකු ප්‍රාණ ඇපයට ගනු ලැබුවා

රජයට එරෙහිව සටන් කරන කලාපයේ සන්නද්ධ ජනවාර්ගික කණ්ඩායම්වලින් විශාලතම කැරලිකාර කණ්ඩායම වන බලුච් විමුක්ති හමුදාව (BLA) ප්‍රහාරයේ වගකීම භාර ගත් අතර එමඟින් ප්‍රාණ ඇපකරුවන් 21 දෙනෙකු සහ ආරක්ෂක භටයන් හතර දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This