පාකිස්ථාන හමුදාවට එල්ල වූ දරුණු ප්‍රහාරය – 24 දෙනෙකු මරුට

පාකිස්ථාන හමුදාවට එල්ල වූ දරුණු ප්‍රහාරය – 24 දෙනෙකු මරුට

පාකිස්ථානයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ඉස්ලාමීය කණ්ඩායමක් විසින් පුපුරණ ද්‍රව්‍ය පිරවූ ට්‍රක් රථයක් ගැටීමට සැලැස්වීමෙන් සිදුකළ ප්‍රහාරයකින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.

සටන්කාමීන් පිරිසක් ට්‍රක් රථය යොදා ගනිමින් හමුදා කණ්ඩායමක් රැඳී සිටි ගොඩනැගිල්ලක් වෙත කඩා වැදී ඇති අතර අනතුරුව තවත් සටන්කාමීන් පිරිසක් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාකිස්ථාන තලෙයිබාන් කණ්ඩායම විසින් ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙනවා.

එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා අදාළ ප්‍රහාරය හෙළා දැක ඇති අතර රජය වෙනුවෙන් ශෝකය ද පළ කර තිබෙනවා.

Share This