පාකිස්ථාන හමුදාවේ හයදෙනකු මරුට
පාකිස්ථානයේ ටෑන්ක් ප්‍රදේශයේ දී එල්ල වූ ප්‍රහාරයකින් එරට හමුදා සාමාජිකයන් හයදෙනකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ , සටන්කාමීන් පිරිසක් හමුදා මුරපොලක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් අදාළ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
හමුදාව එල්ල කළ ප්‍රතිප්‍රහාරවලදී සටන්කාමීන් තිදෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
මෑතකාලයේ දී පාකිස්ථානයේ ආරක්ෂක අංශ ඉලක්ක කරගෙන කයිබර්පක්තුන්ක්වා පළාතේ දී සිදුවන ප්‍රහාර කැපී පෙනන ලෙස ඉහළ යමින් ඇති බව ද එරට මාධ්‍ය වාර්තා කරනවා.