පාකිස්ථානය පළමුව පන්දුවට පහරදෙයි

පාකිස්ථානය පළමුව පන්දුවට පහරදෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමටයි ඔවුන් තීරණය කළේ.

තරගය අද පස්වරු 03.00ට ආරම්භ වීමට නියමිතව තිබූ නමුත් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට පැවති වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම ද ප්‍රමාද වුණා.

මේ අතර ආසියානු කුසලානයේ සියලු තරගවල තොරතුරු සඳහා සිත FM හරහා සජීව සවන්දීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව තරගාවලියේ තොරතුරු පන්දුවෙන් පන්දුවට දැනගැනීම සඳහා 88.6න් හෝ 88.8න් සිත Fm නාලිකාවට සවන්දිය හැකි අතර sithafm.lk හරහා අන්තර්ජාලය ඔස්සේ ද සවන්දිය හැකියි.

Share This