පාකිස්ථානයට IMF ණය වාරිකය සඳහා අනුමැතිය

පාකිස්ථානයට IMF ණය වාරිකය සඳහා අනුමැතිය

පාකිස්ථානය අමෙරිකානු ඩොලර් මිලියන 700ක ණයක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමි කර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ඊයේ (11) දිනයේ අනුමැතිය ලබා දී ඇති බවයි

මෙම වැඩසටහන යටතේ පාකිස්ථානයේ කාර්ය සාධනය ආර්ථිකය ස්ථාවර කිරීමේ සැලකිය යුතු ප්‍රගතියක් සඳහා සහාය වී ඇති බව සඳහන්

පාකිස්ථානයේ ආර්ථිකය පෙර වසරේ හැකිලීමෙන් පසු 2024 මූල්‍ය වර්ෂයේදී 2% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇත්තේ.

සෞදි අරාබිය වැනි අනෙකුත් ණය හිමියන්ගෙන් මූල්‍ය සම්පාදනය ලබා ගැනීම සඳහා පකිස්ථානයට IMF අරමුදල් ඉතා වැදගත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This