පාකිස්ථානයට එරෙහිව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක්

පාකිස්ථානයට එරෙහිව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩලයට යෝජනාවක්

පාකිස්ථාන හමුදාව විසින් 1971 වසරේදී බංග්ලාදේශයේ වාර්ගික බෙංගාලි වැසියන්ට හා හින්දු ජනතාවට එරෙහිව ජනසංහාරයක් සිදු කර ඇතැයි පවසමින් අමෙරිකානු කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හමුවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ ඉන්දියානු සම්භවයක් සහිත කොංග්‍රස් මණ්ඩල සභික Ro Khanna සහ කොංග්‍රස් මණ්ඩල සභික Steve Chabot විසින්.

යෝජනාව හඳුන්වා දෙමින් ඔවුන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලා සිටින්නේ බංග්ලාදේශ වැසියන්ට එරෙහිව පාකිස්ථාන හමුදාව 1971 සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියා ජනසංහාරයක් ලෙස පිළිගන්නා ලෙසයි.

මිලියන ගණනක් සමූල ඝාතනය කළ අදාල සිදුවීම කාලයෙන් මැකී යාමට ඉඩ නොදිය යුතු බව ද අමෙරිකානු නීති සම්පාදකයින් පෙන්වා දී තිබෙනවා.

එවැනි අපරාධ සදාකාලිකව නොඉවසනු ඇති බව හෝ අමතකව නොයන බව අපරාධකරුවන් දැන ගත යුතු බව ද ඔවුන් පෙන්වා දෙනවා.

එමගින් පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටින්නේ ඉදිරිපත් වී ඇති සාක්ෂි හමුවේ එවැනි සංහාරයක භූමිකාව පිළිගන්නා ලෙස හා බංග්ලාදේශ රජයෙන් හා ජනතාවගෙන් සමාව අයැද සිටින ලෙසයි.

එමෙන්ම තවමත් ජීවත්ව සිටින වරදකරුවන්ට අදාළව නඩු විභාග පවත්වන ලෙස ද එම කොංග්‍රස් සභිකයන් අදාළ යෝජනාව මගින් අවධාරණය කරනවා.

Share This