පාකිස්ථානයට රතු එළියක්

පාකිස්ථානයට රතු එළියක්

පාකිස්ථානයේ සිටින චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස චීනය ඉල්ලා තිබෙනවා.

ඒ, චීන ඉංජිනේරුවන් පිරිසක් රැගත් රථ පෙළකට ඉකුත් දා ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමෙන් පසුවයි.

මේ සම්බන්ධයෙන් චීනයේ දැඩි අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්ථානයේ පිහිටි චීන තානාපති කාර්යාලය විසින් එම ප්‍රහාරය තරයේ හෙළා දැක ඇති බවයි.

චීන වැසියන්ගේ ජීවිත හා දේපළවල ආරක්ෂාව සහතික කර ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින අවදානම්වලට එරෙහිව පියවර ගන්නා ලෙස ද චීන තානාපති කාර්යාලය ඉල්ලා ඇතැයි සඳහන්.

ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙසත් වැරදිකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන ලෙසත් චීනය ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම එවැනි සිදුවීම් යලිත් සිදු නොවීමට ප්‍රායෝගික හා ඵලදායී පියවර ගන්නා ලෙස ද චීනය දන්වා තිබෙනවා

Share This