පාකිස්ථානයටත් මැතිවරණය තියන්න මුදල් නැහැ

පාකිස්ථානයටත් මැතිවරණය තියන්න මුදල් නැහැ

පාකිස්ථාන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් අමාත්‍යාංශය සතුව අරමුදල් නොමැති බව එරට ආරක්ෂක අමාත්‍ය Khawaja Asif පවසනවා.

මාධ්‍ය හමුවක් පවත්වමින් පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකයට මුහුණ දී සිටින බැවින් මුදල් හිඟයක් රට තුළ නිර්මාණය වී ඇති බවයි.

එවැනි තත්ත්වයක් තුළ මැතිවරණයක් පැවැත්වීමට මුදල් අමාත්‍යාංශය සතුව අරමුදල් නොමැති අතර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළු පවතින බව පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය Khawaja Asif ප්‍රකාශ කර තිබෙනවා

Share This