පාකිස්ථානයේ අතුරුදන් වූවන් පිරිසක් ආපසු ඇවිත්

පාකිස්ථානයේ අතුරුදන් වූවන් පිරිසක් ආපසු ඇවිත්

පාකිස්ථානයේ අතුරුදන්වූවන්ගෙන් 974ක් රැඳවුම් භාරයේ ද 616ක් බන්ධනාගාරවල ද සිටින බව එරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළිවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා,

පාකිස්ථානයේ අතුරුදන්වූවන් පිළිබඳ කොමිසම පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළ අතර, එමගින් අතුරුදන් වූ බවට ප්‍රකාශිත පුද්ගලයන් පිළිබඳව හෙළි කර ඇති බවයි වාර්තාවන්නේ.

වාර්තාවට අනුව, නොවැම්බර් මාසයේදී අතුරුදන් වූ පුද්ගලයින් 81 දෙනෙකු තම නිවෙස් වෙත පැමිණ තිබෙනවා.

අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි 9,133ක් ලැබී ඇති අතර, ඉන් 5,574ක් සොයා ගෙන ඇති අතර, 3,743ක් ඔවුන්ගේ නිවෙස් වෙත ළඟා වී ඇති බව කොමිසම වැඩිදුරටත් හෙළිකර ඇති බව සඳහන්.

අතුරුදන්වූවන් අතරින් 241කගේ සිරුරු සොයා ගත් බව ද අදාළ වාර්තාව හෙළිකර තිබෙනවා.

Share This