පාකිස්ථානයේ ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් වර්ජනයකට සැරසෙයි

පාකිස්ථානයේ ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන් වර්ජනයකට සැරසෙයි

පාකිස්ථානයේ ඉන්ධන පොම්ප ක්‍රියාකරුවන්ගේ සංගමය ලබන 22 වැනිදා ජාතික වැඩ වර්ජන දිනයක් නම් කර තිබෙනවා.

ඒ ඉරාන ඉන්ධන නීතිවිරෝධී ලෙස රට තුළට ගෙන ඒම හේතුවෙන් විකුණුම් සියයට 30 කින් පහත වැටී ඇති බව පවසමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වීමට සූදානම් වන්නේ

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඒ අනුව වැඩ වර්ජනයට 10,000කට අධික පිරිසක් එක් වීමට නියමිත අතර පාකිස්ථානය පුරා සියලුම ඉන්ධන පොම්ප වසා දැමීමට කටයුතු කරන බවයි එම සංගමය අද (20) ප්‍රකාශ කර ඇත්තේ

කෙසේ වෙතත් පොලී අනුපාත සහ උද්ධමනය ක්‍රියාකරුවන්ගේ ව්‍යාපාරවලට දැඩි බලපෑම් එක්ක කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළා.

Share This