පාකිස්ථානයේ ඉන්ධන මිල ඉහළට

පාකිස්ථානයේ ඉන්ධන මිල ඉහළට

පාකිස්ථානය ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා

විදෙස් මාධ්‍ය පැවසුවේ පෙට්‍රල් සහ ඩීසල් මිල රුපියල් 19 කින් ඉහළ දමා ඇති බවයි.

එරට මුදල් අමාත්‍ය ඉෂාක් ඩාර් විසින් ඒ බව නිවේදනය කර ඇති අතර පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පිළිවෙලින් රුපියල් 272.95ක් සහ රුපියල් 273.40ක් ලෙස අලෙවි වනවා.

ඔවුන් මෙලෙස ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ රට තුල දැඩි ආර්ථික අර්බුධයක් පවතින පසුබිමක් තුළයි.

පාකිස්ථානය තුළ මේ වනවිටත් වාර්තාගත උද්ධමනයක් පවතිනවා.

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂිතයි

Share This