පාකිස්ථානයේ ගංවතුරින් 337 කට දිවි අහිමි වී තවත් විශාල පිරිසක් අතුරුදන් (VIDEO)

පාකිස්ථානයේ ගංවතුරින් 337 කට දිවි අහිමි වී තවත් විශාල පිරිසක් අතුරුදන් (VIDEO)

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුරෙන් වයඹදිග පකිස්ථානයේ අවම වශයෙන් පුද්ගලයින් 337 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව, මෑත දිනවල එම ප්‍රදේශයට ඇති වූ හදිසි ගංවතුරෙන් පසුව විශාල පිරිසක් අතුරුදහන් වී සිටින බවයි.

කිෂ්ට්වාර් දිස්ත්‍රික්කයේ, හදිසි කණ්ඩායම් ඊයේ දුරස්ථ චොසිටි ගම්මානයේ ගලවා ගැනීමේ කටයුතු දිගටම කරගෙන යමින් සිටින බව එරට මාධ්‍ය පැවසුවා.

මාධ්‍ය වාර්තා කළේ අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු මිය ගොස් 150 ක් පමණ තුවාල ලබා ඇති අතර අතර, ඉන් 50 ක් පමණ බරපතල බවයි.

පාකිස්ථානයේ හදිසි සේවා ප්‍රකාශක මොහොමඩ් සුහයිල් පැවසුවේ, පසුගිය සිකුරාදා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැවැන්ත ගංවතුරක් ඇති වූ කයිබර් පක්තුන්ක්වා පළාතේ කඳුකර දිස්ත්‍රික්කයක් වන බුනර් හි පැය ගණනක් පුරා සිදු කළ උත්සාහයකින් පසු මළ සිරුරු 54 ක් සොයා ගත් බවයි.

Share This