පාකිස්ථානයේ දී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන වීඩියෝ පටයක් මුදා හැරලා

පාකිස්ථානයේ දී ව්‍යාපාරිකයෙකු පැහැරගෙන වීඩියෝ පටයක් මුදා හැරලා

පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ කාෂ්මෝර් දිස්ත්‍රික්කයේ දී නාඳුනන පිරිසක් විසින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

පැහැරගත් පිරිස විසින් අදාළ ව්‍යාපාරිකයා මුදා හැරීම සඳහා කප්පම් ලෙස පාකිස්ථාන රුපියල් කෝටි 5ක මුදලක් ඉල්ලා ඇතැයි ද සඳහන්.

එම පුද්ගලයාගේ දෑත් සහ දෙපා දම්වැල්වලින් ගැටගසා ඇති ආකාරයත් ගිනි අවියක් රැගත් පුද්ගලයෙකු ඔහු අසල සිටින ආකාරයත් දැක්වෙන වීඩියෝ පටයක් පැහැරගත් පිරිස විසින් මුදා හැර තිබෙනවා.

පැහැර ගැනීමට ලක්වූ හින්දු බැතිමතෙකු වන මෙම ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයින් විසින් මේ සම්බන්ධයෙන් කරච්චි පොලිස් මූලස්ථානය හමුවේ පැමිණිල්ලක් ගොනු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Share This