පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීන් 20කට වැඩි පිරිසකගේ අවසන් කටයුතු සිදු කෙරේ (UPDATE 2 )

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීන් 20කට වැඩි පිරිසකගේ අවසන් කටයුතු සිදු කෙරේ (UPDATE 2 )

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පොලිස් නිලධාරීන් 20කට වැඩි පිරිසකගේ අවසන් කටයුතු මේ වනවිට සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එමෙන්ම ඔවුන්ගේ දේහය සහිත මිනී පෙට්ටිය පාකිස්ථාන ධජයෙන් වසා තිබූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 300 ත් 400 ත් අතර ප්‍රමාණයක් ප්‍රදේශයේ සිට ඇති බවද පෙෂාවර් පොලිස් ප්‍රධානී මුහම්මද් ඉජාස් ඛාන් එරට ප්‍රාදේශීය මාධ්‍ය වෙත මීට සඳහන් කළා.

පාකිස්ථානයේ පෙෂාවර් නගරයේ පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මුස්ලිම් පල්ලියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව අවම වශයෙන් පුද්ගලයින් 87 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම එරට අගමැතිවරයා විසින් ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා

අගමැති ෂෙබාස් ෂරීෆ් පවසා තිබෙන්නේ ත්‍රස්තවාදීන්ට අවශ්‍යව ඇත්තේ පාකිස්ථානය ආරක්ෂා කිරීමේ රාජකාරිය ඉටු කරන අය ඉලක්ක කර ගනිමින් භීතිය ඇති කිරීමට බවයි

 

………………………………………………………..

Jan 31, 2023 at 11:31

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ගණන 83ක් දක්වා ඉහළට -අඛණ්ඩව මෙහෙයුම් තවදුරටත් (UPDATE 1)

පාකිස්ථානයේ පෙෂාවර්හි පොලිස් නිලධාරීන් ඉලක්ක කර ගනිමින් මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මෙම මුස්ලිම් පල්ලිය අධි ආරක්‍ෂිත පොලිස් මූලස්ථාන ප්‍රදේශයක් තුළ පිහිටා ඇති අතර බෝම්බකරු ඇතුළු වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

පාකිස්ථානයේ අගමැති සහ අනෙකුත් නායකයින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර මෑත වසරවල රටේ සිදු වූ දරුණුතම ප්‍රහාරයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

අද (31) දිනයේත් සුන්බුන් අතර වැළලී ගිය බැතිමතුන් ගොඩ ගැනීමට සහන සේවකයින් උත්සාහ කරමින් සිටින අතර මෙම මෙහෙයුම අද (31) දිනයේත් ක්‍රියාත්මක බවයි පැවසෙන්නේ

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් රජයට වෙන් වූ කණ්ඩායමක් වන පාකිස්ථාන තලේබාන් සංවිධානය නොවැම්බර් මාසයේදී සටන් විරාමයක් අවසන් කළ අතර එතැන් සිට රට තුළ ප්‍රචණ්ඩත්වය වැඩි වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා.

ඊයේ (30) දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඉස්ලාමාබාද් වෙත පැමිණීමට නියමිතව තිබුණ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අවසාන මොහොතේ සංචාරය අවලංගු කර තිබෙනවා.

එමෙන්ම අද (31) දිනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පාකිස්ථානයට පැමිණීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

………………………………………………………………………………………

Jan 31, 2023 at 08:50

පාකිස්ථානයේ පල්ලියක සිදුවූ පිපිරීමෙන් මියගිය ගණන 59 දක්වා ඉහළට

පාකිස්ථානයේ පෙෂාවර් හි මුස්ලිම් පල්ලියක යාඥා කරමින් සිටි පිරිස ඉලක්ක කර එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුස්ලිම් පල්ලිය දැඩි ආරක්‍ෂාවක් සහිත පොලිස් මූලස්ථාන බල ප්‍රදේශය තුළ පිහිටා ඇති බවත්, පොලිස් නිලධාරීන් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසනවා.

ත්‍රස්තවාදීන්ට අවශ්‍ය වන්නේ පාකිස්ථානය ආරක්ෂා කිරීමේ රාජකාරිය ඉටු කරන අය ඉලක්ක කර ගනිමින් බිය ඇති කිරීමට බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ් සඳහන් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු බී බී සී පුවත් සේවයට පවසා තිබෙන්නේ මියගිය සංඛ්‍යාව 59 ක් බවත් පුද්ගලයින් 157 දෙනෙකු තුවාල ලබා ඇති බවත්ය.

මෙම පිපිරීම සිදුවන අවස්ථාවේ පොලිස් නිලධාරීන් 300 ත් 400 ත් අතර පිරිසක් ප්‍රදේශයේ සිටි බව පෙෂාවර්හි පොලිස් ප්‍රධානී මුහම්මද් ඉජාස් ඛාන් ප්‍රාදේශීය මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

මෙම පල්ලිය පිහිටා ඇත්තේ නගරයේ වඩාත් දැඩි ආරක්ෂාව සහිතව පාලනය වන ප්‍රදේශයක වන අතර එම ප්‍රදේශයේ පොලිස් මූලස්ථානය සහ බුද්ධි අංශ සහ ත්‍රස්ත මර්දන කාර්යාංශය ඇතුළත් වන බවයි පැවසෙන්නේ.

ප්‍රහාරය පිටුපස සිටි අය ඉස්ලාම් ආගමට කිසිදු සම්බන්ධයක් නැති බවයි එරට අගමැතිවරයා පවසා තිබෙන්නේ .

එමෙන්ම ත්‍රස්තවාදී උවදුරට එරෙහිව සමස්ත ජාතියම එකාවන්ව නැගී සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ .

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉස්ලාමාබාද් අගනුවර පොලිසිය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර නගරයට ඇතුළු වන සහ පිටවීමේ ස්ථානවල ආරක්ෂාව වැඩි කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

Share This