පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

පාකිස්ථානයේ ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ අසළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රහාරයෙන් චීන ජාතිකයින් දෙදෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නිවේදනයක් නිකුත් කරමින් ඉස්ලාමාබාද්හි චීන තානාපති කාර්යාල මෙම ත්‍රස්ත ප්‍රහාරය හෙලා දැක තිබෙනවා.

එමෙන්ම විපතට පත් වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කර ඇති චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් පාකිස්ථාන බලධාරීන්ගේ ප්‍රතිචාර විමසීමට පියවර ගෙන ඇති බව සඳහන්.

පුපුරණ ද්‍රව්‍ය පිරවූ වාහනයක් චීන ජාතිකයින් රැගත් රථ පෙළකට කඩා වැදී අදාළ පිපිරීම සිදුව තිබෙනවා.

මෙම සිදුවීමෙන් තුවාල ලැබූවන් අතර ආරක්ෂක නිළධාරීන්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This