පාකිස්ථානයේ විරෝධතා මැද දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට

පාකිස්ථානයේ විරෝධතා මැද දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් විරෝධතායේ නිරත පකිස්ථානයේ 1000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

විරෝධතා මැඩපැවැත්වීම සඳහා යොදවා සිටින පොලිස් කණ්ඩායම් විසින් පළාත පුරා නීති කඩ කරන්නන් සහ අපරාධකරුවන් 945 දෙනෙකු අත්අඩංගුවට ඇති බවයි එරට පොලිසිය සඳහන් කළේ.

ඊයේ (09) දිනයේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 130 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයෙන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රඳවා සිටින අධිකරණ ශාලාවට දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

Share This