පාකිස්ථානයේ සිදුවූ අනතුරු දෙකකින් 50කට වැඩි පිරිසක් මියයයි

පාකිස්ථානයේ සිදුවූ අනතුරු දෙකකින් 50කට වැඩි පිරිසක් මියයයි

පාකිස්ථානයේ සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් 50 කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පාකිස්ථානයේ නිරිත දෙසින් බස් රථයක් මිටියාවතකට වැටී ගිනි ගැනීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 41 දෙනෙකු මිය ගොස් තිබෙනවා

එමෙන්ම වයඹ දෙසින් සිදුවූ බෝට්ටු අනතුරකින් අවම වශයෙන් ළමුන් 10 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

දියේ ගිලීමෙන් ගොඩගත් මියගිය සියලු දෙනා වයස අවුරුදු 7ත් – 14ත් අතර වයස්වල පසුවන්නන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

තවත් ළමුන් 11 දෙනෙකු බේරාගෙන ඇති අතර හය දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් තවත් නව දෙනකු අතුරුදන්ව ඇතැයි විශ්වාස කෙරෙන බවත් විදෙස් මාධ්‍ය පවසනවා

එමෙන්ම බස් රථ අනතුරට ලක් වූ ස්ථානයේ ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසුවේ මළ සිරුරු හඳුනා ගැනීමට නොහැකි බවයි.

එය කරච්චි වරාය නගරය වෙත ගමන් කරමින් සිටියදී බලුකිස්තාන් පළාතේ දකුණු බෙලා නගරය ආසන්නයේදී මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අනතුරට පෙර බස් රථය පාලමක කණුවක ගැටී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අනතුරට හේතුව විමර්ශනය කරන බවත් දේහයන්ගේ අනන්‍යතාවය තීරණය කිරීම සඳහා DNA පරීක්ෂණ සිදු කරන බවත් සඳහන් වනවා

Share This