
පාකිස්ථානු හමුදාවෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර
ඉන්දීය හමුදා විසින් එල්ල කළ මිසයිල ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට පාකිස්ථානය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉස්ලාමාබාද් නගරයෙන් පිටත ගුවන් හමුදා කඳවුරු තුනක් ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඉන්දියාව විසින් මිසයිල ප්‍රහාර එල්ල කළ බවයි.
ඒ අනුව ඊට ප්‍රතිප්‍රහාර පාකිස්තානය විසින් එල්ලකර ඇති අතර ‘Operation Bunyan-un-Marsoos’නමින් මෙම ප්‍රතිප්‍රහාර මෙහෙයුම ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රීනගර් සිට කිලෝමීටර් 100ක් පමණ දුරින් පිහිටි උරි හි ලගාමා ගම්මානයට ද පාකිස්තානය විසින් කාලතුවක්කු ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එම ප්‍රහාරයෙන් ප්‍රදේශවාසියෙකුගේ නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.