“පානදුර ගයාන්” ,”පින්වත්ත අසියා” හා “අළුබෝමුල්ලේ ගැටයා” ගේ මත්ද්‍රව්‍ය ජාලයක් අල්ලයි

“පානදුර ගයාන්” ,”පින්වත්ත අසියා” හා “අළුබෝමුල්ලේ ගැටයා” ගේ මත්ද්‍රව්‍ය ජාලයක් අල්ලයි

විදේශ ගතව සැඟව සිටින මත්ද්‍රව‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකුට අයත් මත්ද්‍රව්‍ය මංගල ඇඳුම් කුලියට ලබා දෙන පුද්ගලයකුගේ උපදෙස් මත විවිධ ස්ථානවල තබා ජාවාරමේ යෙදෙන පුද්ගලයන් සිව් දෙනකු රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසනවා.

එම සැකකරුවන් සමග හොරෙයින් මත්කුඩු මිලිගෑම් 33,770 ක් මත්ද්‍රව්‍ය ගනුදෙනුවකදි ලබාගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ පානදුර නල්ලුරුව ප්‍රදේශයේදී හොරයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 8400ක් හා 6360 ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඩුබායි රාජ්‍යයට සහ ඉතාලියට පලා ගොස් සැඟව සිටින පානදුර ගයාන් , පින්වත්ත අසියා හා අළුබෝමුල්ලේ ගැටයා යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය පානදුර, මෝදර, අලුත් පාරේ මංගල ඇඳුම් කුලියට ලබාදෙන පුද්ගලයා ලබා දෙන උපදෙස් මත විවිධ ස්ථානවල තබා ජාවාරම සිදු කරන බවටයි.

ඒ අනුව එම සැකකරු ද හොරෙයින් මිලි ග්‍රෑම් 10100 ක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු මුදල් අයකැමි ලෙසද කටයුතු කරන අය බවට අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පැවසුවේ සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 1,65,000 ක මුදලක් ගෙවා ලබාගත් යතුරුපැදියක්ද භාරයට ගත් බවයි.

තවදුරටත් මෙම ජාලය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පානදුර, පින්වල ප්‍රදේශයේ දීී හා මෝදරවිල ප්‍රදේශයේ දී හොරෙයින් මත්කුඩු මිලි ග්‍රෑම් 6910 ක් හා මිලි ග්‍රෑම් 6000 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

Share This