පාපන්දු තරගය නරඹන්න පිරිසක් අතර ගැටුමක් -දරුවෙක් ඇතුළු අට දෙනෙකුට ජීවිත අහිමි වේ (VIDEO)
කැමරූන් හි පැවති අප්‍රිකානු ජාතීන්ගේ පාපන්දු කුසලාන තරගයකින් පිටත ඇති වූ ගැටුමකින් අවම වශයෙන් පුද්ගලයින් අට දෙනෙකු මිය ගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Yaounde අගනුවර අසල්වැසි ප්‍රදේශයක පිහිටි Paul Biya ක්‍රීඩාංගනයට ඇතුල්වීමට පාපන්දු ලෝලීන් අරගල කරන වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුල සංසරණය වන ආකාරය දැක ගත හැකියි.
AFP ප්රවෘත්ති ඒජන්සිය විසින් ලබාගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවකට අනුව මියගිය අය අතර එක් දරුවෙකු ද වන බව සඳහන්
ක්‍රීඩාංගනයේ ධාරිතාව 60,000ක් නමුත් 50,000ක පමණ පිරිසක් සහභාගි වීමට උත්සාහ කරමින් සිටි බවත් තරග නිලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
මාධ්‍යවේදී ලියෝකාඩියා තරගය නැරඹීමට පැමිණ සිටි අතර ඇය බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ ක්‍රීඩාංගණයෙන් පිටත ප්‍රදේශයකින් කලබලයක් පැමිණෙනු තමා දුටු බවයි.මිනිස්සු කෑගහන්න පටන් ගත්තා. ඊට විනාඩියකට පස්සේ ගිලන් රථයක් ක්‍රීඩාංගනයට ආවා, නමුත් අපි එම ස්ථානයට ගියාම පොලිසිය අපිට තෙරපීම තියෙන තැනට කිට්ටු වෙන්න දුන්නේ නැහැ,ජීවිත අහිමි වූ පුද්ගලයින් අට දෙනෙකුගේ ලැයිස්තුවක් ඇයට ලැබී ඇති බවත් ඇය සඳහන් කරනවා
“මිනිසුන් ක්‍රීඩාවක් නැරඹීමට ගොස් එහි මියයාම ඇත්තෙන්ම කණගාටුදායක තත්ත්වයක් .”බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ
Six people are reported to have been killed and dozens hurt in a crush outside a stadium hosting an Africa Cup of Nations match in Cameroon.
Video footage showed football fans struggling to get access to the Paul Biya stadium in a neighbourhood of the capital Yaounde. pic.twitter.com/a6WLbFZORj
— Charles Ayitey (@CharlesAyitey_) January 24, 2022