පාපන්දුවට ආදරය කරන සෑම කෙනෙක්ම පේලේට ආදරෙයි – දින තුනක් ශෝකවන බ්‍රසීලය

පාපන්දුවට ආදරය කරන සෑම කෙනෙක්ම පේලේට ආදරෙයි – දින තුනක් ශෝකවන බ්‍රසීලය

මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන බ්‍රසීලයේ ජනප්‍රිය ක්‍රීඩක පේලේ සිය දිවි සැරිය නිම කරනු ලැබුවේ වයස අවුරුදු 82 දී

ඔහු වෙනුවෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

වෘත්තීය තරග 1,363කදී ගෝල 1,281ක් රැස්කරමින් ලෝක වාර්තාවක් තැබිමටද මෙම ක්‍රීඩකයා සමත්වුණා

එමෙන්ම 1958, 1962 සහ 1970 දී යන වසරවලදී තුන් වතාවක් ලෝක කුසලානය සිය රටට දිනා දීමට සමත්වූ එකම මිනිසා ලෙසයි ඔහු හඳුන්වන්නේ

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පාපන්දු සමාජවලින් ඔහු වෙනුවෙන් උපහාර පුද කර තිබෙන අතර පාපන්දු සංගමය බ්‍රසීලයේ වර්ණවලින් වෙම්බ්ලි ආරුක්කුව ආලෝකමත් කරමින් “පාපන්දුවලට ආදරය කරන සෑම කෙනෙක්ම පේලේට ආදරෙයි” යනුවෙන් සඳහන් කර තිබෙනවා

Share This