පාප් වහන්සේ යුක්රේන යුද්ධයෙන් අවතැන් වූ ළමා සරණාගතයින් බලන්න යයි
ශුද්ධ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුක්රේන යුද්ධයෙන් අවතැන් වූ ළමා සරණාගතයින් සිටින රෝමයේ රෝහලක් වෙත පැමිණ තිබෙනවා.
යුද්ධය ආරම්භවීමෙන් පසු යුක්රේන දරුවන් 50 දෙනෙකු පමණ මෙම රෝහලේ ප්‍රතිකාර ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.
මේ වනවිටත් දරුවන් 19 දෙනෙකු එහි ප්‍රතිකාර ලබමින් සිටින අතර යුද්ධයෙන් දරුණු තුවාල ලැබූ දරුවන් ද ඒ අතර සිටින බව වාර්තා කර තිබෙනවා.