පාර්ලිමේන්තුවට රැගෙන ආ විදුලි පන්දම් ගැන පරීක්ෂණයක් කරන්නැයි කථානායක, පොලිස්පතිට දන්වයි (වීඩියෝ)
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අවසර දී නොමැති උපකරණ සහ භාණ්ඩ රැගෙන පාර්ලිමේන්තු සභා ගැබට පැමිණීමේ දී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා වී ඇති දැයි සෙවීමට පොලිස්පතිවරයාට පැමිණිලි කරන බව කථානායකවරයා පවසනවා.
අද (26) පාර්ලිමේන්තුව ආරම්භයේ දී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා මේ බව සඳහන් කළා.