
පාරිසරික නීතිය බලාත්මක කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය
පාරිසරික නීතිය බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහාය ලබා දීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ මධ්‍යම පරිසර අධිකාරියේ අධ්යක්ෂ කීර්ති ජයසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (03) මධ්‍යම පරිසර අධිකාරියේ දී පැවැත්වුණා.
මෙහිදී පාරිසරික ගැටලු විසදීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර ඇති චක්‍රලේඛ, පොලිස් ආඥා පනත හා වෙනත් අණ පනත් යටතේ පැවරී ඇති බලතල බලාත්මක කිරීම මෙන්ම ප්‍රජා ඝෝෂා පාලනය අධික දුම් සහිත වාහන පරීක්ෂාව ,වාහනවල අධික නලා ශබ්දය පාලනය, පොලිතීන් මිශ්‍ර කසළ විවෘත පරිසරයේ පිළිස්සීම සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියා මාර්ග, භාවිතය තහනම් පොලිතීන් වැටලීම සඳහා සහාය ලබා ගැනීම, නීති විරෝධී කැණීම් මෙන්ම වෙනත් පාරිසරික ගැටලු සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම සහ ලෝක පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මගින් සිදු කිරීමට නියමිත වැඩසටහන් සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වුණා.