
පාලම කැඩී වසර 3 ක් ගියත් පිළිසකර නොකරීම නිසා බෝපැත්ත ඇතුලු ගම් රැසක පවුල් 500 ක් අසීරුවෙන් (VIDEO)
පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයේ බෝපැත්ත ගමේ දෙනවක් ගඟ හරහා දමා ඇති පාලමේ කොටසක් ගංවතුරට කැඩී ගොස් වසර තුනකට අධික කාලයක් ගතවී ඇතත් මෙතෙක් එය පිළිසකර කිරීමට බලධාරීන් ගේ අවධානය යොමු නොවීමෙන් ප්‍රදේශයේ ජනතාවට මහත් අවදානමකට දිනපතා මුහුණ දීමට සිදුව තිබෙනවා.
රටට ඩොලර් උපයමින් ආර්ථිකයට විශාල ශක්තියක් සපයන ගම්වාසීන් ගේ ආදායම් මාර්ගයක් වන්නේ තේ දළු නෙළීමයි.
කැවී ගිය පාලම පිළිසකර නොකිරීමෙන් ලොරි රථ ගමන් කිරීමට නොහැකිවීම නිසා ඔවුන්ට පාලම පසුකිරීමට සිදුව ඇත්තේ පා ගමනින්.
දැනට කැඩී ගිය පාලමේ කොටස ගම්මු ඒදණ්ඩක් දමා පිළිසකර කරගෙන තිබුණ ද එය ජීවිත අවදානමක් බව දක්නට හැකියි.
ප්‍රදේශවාසීන් පවසන්නේ සබරගමු පළාත් සභාව ඇතැම් නිෂ්පළ ව්‍යාපෘති සදහා රුපියල් කෝටි ගණනින් වියදම් කර අතරමග නවතා දමා ඇති අවස්ථවක මෙම පලම පිළිසකර නොකිරීම ගැටලු සහගත බවයි.
පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝපැත්ත- උතුරු මාවැල්ල, පිල්ලෑව, ගලබඩ යන ගම්මාන සදහා ගමනා ගමනය සලසන්නේ මෙම පාලම සහිත මාර්ගයයි.
පාලම ඉදිකිරීමේදී ගඟේ ජල මට්ටමට ආසන්න උසකින් ඉදිකිරීම නිසා සහ වතුර බැස යෑම සඳහා ඉදිකර තිබෙන බෝක්කු කටවල් කුඩා වීම නිසාත් රත්නපුර ප්‍රදේශයට නිතර ඇද හැලෙන අධික වර්ෂාව සමග පාලම නිරන්තරයෙන් අවහිර වන බව ගම්වාසීන් පවසනවා.
මෙම ගම්මානවල පවුල් පන්සීයක් පමණ ජීවත් වන අතර නිතර ගඟ ගලා පාලම යටවීමෙන් ළමුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු ද අඩාල වීම සුලභයි.