පාවෙන පෙට්ටියක එල්ලී සිටි ‘තිදෙනෙක්’ ඕස්ට්‍රේලියාවේ දී බේරා ගනී – මුදා හැර ඇති පිරිස ගැන පසුව හෙළිවූ තොරතුර මෙන්න

පාවෙන පෙට්ටියක එල්ලී සිටි ‘තිදෙනෙක්’ ඕස්ට්‍රේලියාවේ දී බේරා ගනී – මුදා හැර ඇති පිරිස ගැන පසුව හෙළිවූ තොරතුර මෙන්න

සති දෙකකට පෙර ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් වෙරළට ඔබ්බෙන් වූ පාවෙන පෙට්ටියක එල්ලී සිටියදී බේරාගත් පුද්ගලයින් තිදෙනෙකු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය තොගයක් බෙදාහැරීම පිටුපස සිටින බවට සැක මතුව තිබෙනවා.

පෙබරවාරි 1 වැනිදා බටහිර ඔස්ට්‍රේලියාවේ වෙරළට ඔබ්බෙන් සිටිය දී බේරාගත් මෙම පුද්ගලයන් පවසා තිබුණේ මසුන් ඇල්ලීමට ගොස් සිටියදී ඔරුව පෙරළී ගිය බවයි.

ඒ අනුව එම පුද්ගලයන්ව මුදාහැර තිබුණා.

මොවුන් බේරාගෙන දින හයකට පසු, බටහිර දෙසින් කිලෝමීටර් 54ක් ඔබ්බෙන් වූ වෙරළ තීරයේ තිබී කොකේන් කිලෝග්‍රෑම් 365ක තොගයක් සොයා ගෙන තිබෙන අතර ඒ සම්බන්ධ විමර්ශනවලට අනුව හෙළිව ඇත්තේ මෙම පුද්ගලයින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය තොගයක් බෙදාහැරීම පිටුපස සිටින බවයි

මත්ද්‍රව්‍ය තොගය මුහුදේ සිට බෝට්ටුවෙන් ගොඩට ගෙන එන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

49 හැවිරිදි Mate Stipinovich, 45 හැවිරිදි Karl Whitburn, සහ 36 හැවිරිදි Aristides Avlontis යන මෙම පුද්ගලයන් සොයා ගැනීමට එරට පොලිසිය මේවන විට මහජනතාවගෙන් සහාය ඉල්ලා තිබෙනවා .

Share This