පාසල් ගුරුවරුන් පිරිසක් ඝාතනය කිරීමට එරෙහිව පාකිස්ථානයේ විරෝධතා

පාසල් ගුරුවරුන් පිරිසක් ඝාතනය කිරීමට එරෙහිව පාකිස්ථානයේ විරෝධතා

පාකිස්ථානයේ ෂියා පාසල් ගුරුවරුන් හත් දෙනෙකු ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් ශ්‍රීනගර් හි විරෝධතා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙවැනි දරුණු ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දැකිය යුතු බවත්, ත්‍රස්තවාදය ඉස්ලාම් ආගමට සම්බන්ධ කිරීමට දරන ඕනෑම උත්සාහයක් හෙළා දකින බවත්, ලෝකයේ ඕනෑම තැනක ත්‍රස්තවාදය හෙළා දකින බවත් විරෝධතාකරුවන් එහිදී ප්‍රකාශ කළා.

සුන්නි මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායම් කිහිපයක කුඩා කණ්ඩායමක් වන Tehreek-e-Taliban, පාකිස්ථානයේ රජය විසින් පවත්වාගෙන යනු ලබන පාසලක ෂියා ගුරුවරුන් ඝාතනය කිරීමේ වගකීම භාර ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Khyber Pakhtunkhwa පළාතේ Kurram දිස්ත්‍රික්කයේ ගුරුවරුන් හත් දෙනෙකු එලෙස ඝාතනයට ලක්ව තිබුණා.

විරෝධතාකරුවන් පාකිස්ථාන රජයට දොස් පැවරුවේ එවැනි ඝාතන නැවැත්වීමට තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බව පවසමින්.

ප්‍රහාර පිටුපස පාකිස්ථාන රජය සිටින බවත්, අද අපි රැස්වෙලා ඉන්නේ පකිස්තානයේ ෂියාවරුන් සමඟ අපි ශක්තිමත්ව සිටින බව පෙන්වීමට බවත් විරෝධතාකරුවන් සඳහන් කළා.

Share This