
පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කෙරෙයි
පාසල් පාවහන් ලබාදීමේ තිළිණ පතෙහි වලංගු කාලය 2025.03.20 දක්වා දීර්ඝ කර තිබෙනවා.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදී ඇති පාවහන් තිළිණපත්වල වලංගු කාලය අද (28) දිනෙන් අවසන් වුවත් එහි වලංගු කාලය 2025.03.20 දක්වා දීර්ඝ කර ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන්නේ.