පාසල් පොත් සඳහා මුදල් ගෙවිය යුතු නැති රටක්

පාසල් පොත් සඳහා මුදල් ගෙවිය යුතු නැති රටක්

අයර්ලන්ත දෙමාපියන්ට දරුවන්ගේ පාසල් පොත් සඳහා මුදල් ගෙවිය යුතු නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නව රජයේ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම හේතුවෙන් මෙලෙස අයර්ලන්ත ජනරජයේ ප්‍රාථමික සිසුන්ගේ දෙමාපියන්ට පාසල් පොත් සඳහා ගෙවීමට සිදු නොවන බවයි සඳහන් වන්නේ

දිවයිනේ සෑම ප්‍රාථමික පාසලක් සහ විශේෂ පාසලක්ම මෙම යෝජනා ක්‍රමයට ඇතුළත් කර තිබෙනවා

එමගින් ළමුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 558,000 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නොමිලේ පොත් ලබාදීම සඳහාවන නියමු යෝජනා ක්‍රමයකට සම්බන්ධ වූ ප්‍රාථමික පාසල් 100කට වැඩි සංඛ්‍යාවක දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු එක් සිසුවෙකු සඳහා යුරෝ 96ක පිරිවැයක් ගණනය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Share This