
පාසල් වසන කතාව ගැන ලංකා ගුරු සංගමය කියන දේ සහ ඇමතිවරිය කියන දේ වෙනස් (VIDEO)
ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් තාවකාලිව වසා දැමීම සඳහා රජය සූදානම් වන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරිය පවසන්නේ පාසල් සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදිය හැකි පරිදි කළාපයට පොදු සැලසුම් සකස් කිරීම සිදුකළ යුතු බවයි.
පාසල් ව්‍යුහ කටයුතු පිළිබඳ චක්‍රලේකය හා උපදෙස් සංග්‍රහය නමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මාසයේදීයි.
පාසලක් පවත්වාගෙන යාමට අවශ්‍ය අවම ශිෂ්‍ය සංඛ්‍යාව 50ක් ලෙස එහි දක්වා තිබෙනවා.
ඒ අනුව යම්කිසි පාසලක අධ්‍යයන කටයුතු සිදුකරනු ලබන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු නම් එවැනි අවස්ථාවලදී උපරිම දුර කිලෝ මීටර් 5 ට ආසන්නයේ පවතින වෙනන් පාසලක් සමඟ අදාළ පාසල ඒකාබද්ධ කිරීමට හැකි බවයි එම චක්‍රලේඛයේ දක්වා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් පවතින විවේචන පිළිබඳව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අදහස් පළ කළා.