පාසල් සිසුන් තිදෙනෙකුට දිවි අහිමි කළ තමිල්නාඩු අනතුර

පාසල් සිසුන් තිදෙනෙකුට දිවි අහිමි කළ තමිල්නාඩු අනතුර

තමිල්නාඩු පාසල් සිසුන් තිදෙනකු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුඛෝපභෝගී මෝටර් රථයක ගමන හළ රියදුරෙකුට වාහනය පාලනය කර ගත නොහැකි වීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර එම රථය පැදවූ විශ්වවිද්‍යාල සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දියානු මාධ්‍ය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් විශ්වවිද්‍යාල සිසුවා සහ ඔහුගේ මිතුරන් පිරිස යේලගිරි කන්දේ විනෝද චාරිකාවක් ගොස් ආපසු එමින් සිටියදීයි මෙම අනතුර සිදුව තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමිල්නාඩු මහ ඇමති එම් කේ ස්ටාලින්, සිසුන්ගේමරණය සම්බන්ධයෙන් ශෝකය පළ කර ඇති අතර ඔවුන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2 ක වන්දි මුදලක්ද ලබා දීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Share This