
පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදු කර අවසන්
මේ වනවිට සියලු ම පාසල් නිල ඇඳුම් රෙදි බෙදා හැරීම සිදු කර පාසල් සිසුන් වෙත ලබා දී අවසන්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා
ඒ අනුව රජයේ හා රජයේ ආධාර ලබාදෙන පාසල් 10,096ක සහ අනුමත පිරිවෙන් 822ක් සඳහා මෙම වසරේ (2025) පාසල් නිල ඇඳුම් රෙදි බෙදා දී තිබෙනවා
නිල ඇඳුම් රෙදි ලබාදුන් සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 4,640,086ක් වන අතර ඒ සඳහා අවශ්‍යතාවය වූ මුළු රෙදි ප්‍රමාණය වූ රෙදි මීටර් මිලියන 12ක් පමණ චීන රජයේ ප්‍රදානයක් වශයෙන් ලැබී ඇති බව සඳහන්
මෙම වර්ෂය සඳහා අවශ්‍යතාවයෙන් 100%ක් එනම් රු මිලියන 5,171කට ආසන්න මූල්‍ය වටිනාකමකින් යුතු පාසල් නිල ඇඳුම් රෙදි මහජන චීන සමූහාණ්ඩුව විසින් ප්‍රදානය කර තිබෙනවා