පැපුවා නිව්ගිනියාව ආසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්

පැපුවා නිව්ගිනියාව ආසන්නයේ ප්‍රබල භූමිකම්පාවක්

පැපුවා නිව්ගිනියාව ආසන්නයේ රික්ටර් මාපකයේ 6.9 ක ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වී තිබෙනවා.

අමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද (05) උදෑසන මෙම භූමිකම්පාව සිදුව ඇති බව සඳහන්.

එම දූපතේ අගනුවරට කිලෝමීටර් 194ක් ගිනිකොන දෙසින් මෙම භූමිකම්පාව සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ දත්ත වලට අනුව, රික්ටර් මාපකයේ 5.3 ක භූමිකම්පාවක් ඇතුළුව පසු කම්පන කිහිපයක් ද මේ සමඟ ඇතිවී තිබෙනවා.

භූමිකම්පාව හේතුවෙන් පැසිෆික් දූපත් රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය කටයුතු කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් ඉන් අනතුරුව එම සුනාමි අනතුරු ඇඟවීම අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This