පැපුවා නිව්ගිනියාවත් සෙලවෙයි

පැපුවා නිව්ගිනියාවත් සෙලවෙයි

පැපුවා නිව්ගිනියාවට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ රිච්ටර් පරිමාණ ඒකක 6.2ක ප්‍රබලත්වයෙන් යුතුව පැපුවා නිව්ගිනියාවේ නිව් බ්‍රිතාන්‍ය ප්‍රාන්තයට මෙලෙස භූ කම්පනය සිදුව ඇති බවයි.

භූමිකම්පාව පළාතේ අගනුවර වන Kimbe සිට කිලෝමීටර් 47 ක් පමණ දුරින් සිදුව ඇති බව ද එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළා.

ඕස්ට්‍රේලියාවට සුනාමි අවදානමක් නොමැති බවට කාලගුණ විද්‍යා කාර්යාංශය තහවුරු කර ඇති අතර භූ කම්පනයෙන් බරපතල හානි හෝ තුවාල පිළිබඳ වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

Share This