පැපුවා නිව්ගිනියාවේ ඇති වූ විරෝධතා හේතුවෙන් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා (VIDEO)

පැපුවා නිව්ගිනියාවේ ඇති වූ විරෝධතා හේතුවෙන් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බවට වාර්තා (VIDEO)

පැපුවා නිව්ගිනියාවේ අගනුවර වන Port Moresbyහි ඇති වූ විරෝධතා සහ නොසන්සුන්තාවයෙන් පසු පුද්ගලයින් කිහිපදෙනෙකු මිය ගොස් ඇති බවට සැක පළ කෙරෙනවා
වැටුප් ආරවුලක් මත සිය ගණනක් පාරට බැසීමත් සමග සාප්පු සහ මෝටර් රථ ගිනි තබා සුපිරි වෙළඳසැල් කොල්ලකා ඇති බව සඳහන්
එරට අගනුවර දිස්ත්‍රික් ආණ්ඩුකාර Powes Parkop පවසා ඇත්තේ මෙම විරෝධතා අවස්ථාවාදීන් විසින් සිදු කර ඇති බවයි.
සාමය යථා තත්ත්වයට පත් කිරීමට රජය හමුදාව යොදවා තිබෙනවා
ආණ්ඩුකාර Powes Parkop මිය ගිය සංඛ්‍යාවක්  පිළිබඳව අදහස් නොදැක්වූවත් සමහරුන්ට කණගාටුදායක ලෙස ජීවිතය අහිමි වී ඇති බව පවසනවා
තම වැටුප 50% දක්වා අඩු කර ඇති බව දැන ගැනීමෙන් පසු පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් එරට පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා වැඩ වර්ජනයක් පැවැත්වීමෙන් පසු මෙම නොසන්සුන්තාව ඇතිවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ
අගමැති James Marape පැවසුවේ පරිගණක දෝෂයක් හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් චෙක්පත් වලින් ඩොලර් 100 කින් පමණ අඩු වී ඇති බවත්, විරෝධතාකරුවන් ප්‍රකාශ කළ පරිදි රජය බදු වැඩි නොකරන බවත්ය.
Port Moresby හි ජනගහනය 400,000 පමණ වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

 

Share This